"මරණය හැර ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන්" මේ පුංචි ඇටේ රහස ඔයාලා දන්නවාද?
අපි හැමෝම කුළුබඩු කුප්පි අස්සේ දකින, හැබැයි ගොඩක් වෙලාවට මඟහරින පුංචි කළු පාට ඇට ජාතියක් තියෙනවා. ඒ තමයි "කළුදුරු" (Black Seed). ආයුර්වේදයේ මේවට කියන්නේ පුදුම බලයක් තියෙන දිව්‍යමය ඖෂධයක් කියලා.
කළුදුරු වූකලී දුරු පවුලට නෑකම් කියන ශාකයක් නොවේ. එය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Nigella sativa ලෙසිනි. නමුත් ලංකාවේ නොවැවෙන කළුදුරු ශාකය ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල හොඳින් වැවෙයි. එසේ වුව ද මෙරට කළුදුරු භාවිතය ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියයි.
ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහු වෛද්‍යවරයකු ලෙස දක්වා නැත. මෙයින් පෙනී යනුයේ එකල සාමාන්‍ය ජනතාව අතර ද කළුදුරු භාවිත වූ බවයි.
කළුදුරු මඟින් සුව කළ හැකි රෝග මොනවාද?
සීනි සහ කොලෙස්ටරෝල් පාලනය:
රුධිරයේ තියෙන අහිතකර මේදය සහ සීනි මට්ටම ස්වභාවිකවම පාලනය කරන්න මේ පුංචි ඇට වලට පුදුම හැකියාවක් තියෙනවා..
මතක ශක්තිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය:
උදේට කළුදුරු ඇට කිහිපයක් මී පැණි ටිකක් එක්ක හපලා කෑමෙන් මතක ශක්තිය සහ අවධානය සෑහෙන්න වැඩි වෙනවා.
බඩවැල් පිරිසිදු කර බර අඩු කරයි:
ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය (Toxins) ඉවත් කරලා, ආහාර ජීර්ණය ක්‍රමවත් කරලා, අනවශ්‍ය බර අඩු කරගන්න උදව් වෙනවා.
පෙනහළු රෝග සහ ඇදුම (Asthma):
පෙනහළුවල ශ්වාසනාලය පුළුල් කරලා, හුස්ම ගැනීමේ අපහසුතා ක්ෂණිකව නැති කරනවා.
සෙම් රෝග සහ පීනස් අමාරු: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරලා, නිතර නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව වළක්වනවා.
සන්ධි වේදනා සමනය:
ආතරයිටිස් සහ සන්ධි ප්‍රදාහයන් නිසා ඇතිවන වේදනාව අවම කරයි.
සමේ සහ කෙස් කළඹේ අලංකාරයට:
හිසකෙස් වර්ධනයට සහ සමේ දීප්තිය වැඩි කිරීමට කළුදුරු තෙල් ඉතා ගුණදායකයි.
සිරුරේ විෂ නසයි (Detox):
ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර අභ්‍යන්තර පිරිසිදු බව ඇති කරයි.
අධික තරබාරුවට තිත :
කළුදුරු විස්මිත වට්ටෝරුව මෙන්න
අධික තරබාරුව, රුධිරගත මේදය වැනි රෝග ඇති අයට කළුදුරු ආශ්‍රිතව තම නිවසේදීම සාදාගත හැකි අත්බෙහෙත් ද තිබේ. කළුදුරු, සුදුලූනු, ඉඟුරු, ගොරකා, කරපිංචා දලු, කුරුඳු පොතු, උළුහාල් සමව ගෙන එයට ගම්මිරිස් ඇට කිහිපයක් ද එක්කර ඇල්දියෙන් අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් බත් සමග ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව ද රුධිරගත මේදය ද අවම කර ගත හැකිය. අධිරුධිර පීඩනය මෙන්ම දියවැඩියාව වැනි රෝග ඇති අයට ද මෙය ඉතා යහපත්ය.
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )

Comments
Post a Comment